Posts Tagged ‘Mother ஸ்ரீ ලංකා’

කමක් නෑ නේද…………

මිනිසුන් ජීවත් වෙනවා
මිනිසුන් මැරෙනවා
මිනිසුන් හිනාවෙනවා
මිනිසුන් අඩනවා
සමහරු අත්හරිනවා
සමහරු උත්සහ කරනවා
සමහරු හායි කියනවා
සමහරු බාසි කියනවා
අනිත් අය ඹයාව අමතක කරනවා
ඒත්…….මම කොහොමද ඔයාව අමතක කරන්නෙ
ම්…………………ආ………
අනිත් අය ඔයාව අමතක කරපු විදියට මමත් ඔයාව අමතක කරනවා
කමක් නෑ නේද?

මලක් ළගදි මලක් වෙන්න, ගලක් ළගදි ගලක් වෙන්න………

සත්ත්ව ලොකයේ ජීවත් වෙන අනේ විද සතුන් අතරින් මිනිසා අනෙක් සතුන්ට වඩා සතුටින් සහ උද්යෝගයෙන් ජීවත් වෙන්නේ ඇයි දන්නවද. ඒ සෑම මිනිසෙකුටම ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා. තමා වැදගත්ය යන අදහස මිනිසෙකුගෙ සිතට ආවාම ඒ මිනිසා තමන්ගේ ජීවිතේට අප්‍රමාණව ආදරය කරන්න ගන්නවා. ඒ නිසා තමයි වටිනා කියන මිනිස්සු හුගක් පරිස්සම් වෙන්නේ. අධ්යාහපනයක්, මුල්‍යමය වටිනා කමක් හෝ වෙනයම් හැකියාවක් නැති ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ උලත් එකයි පිලත් එකයි වගේ. උන්ට අද මැරුණත් එකයි. එහෙම නොවන මිනිස්සු ලොකු වටිනා කමක් ඇතිව ජීවත් වෙනවා. තව සමහරු තමන්ගේ වටිනාකම් කියන දේ බලහත්කාරයෙන් ලබා ගන්න යනවා.
                                                              ඔබ ලග වටිනා කියන දෙයක් නැත්නම් ඔබ ලග මුදල් නැත්නම් හෝ අවශේෂ වටිනා කමක් නැත්නම් ඔබ මේ සමාජයට වටින්නෙ නෑ. ඉතිං සමාජය ඔබව ගණන් ගන්නේ නෑ. මෙහෙම පිළිගැනීමක් නැති සෑම මිනිසෙකුගේම ජීවතය තුළ රික්තයක් හට ගන්නවා. ඒ හිඩැස පුරවා ගන්න මිනිසා මොනව හරි කරන්න ඕන. හිඩැසක් පුරවන්න මොනවම හරි කරන මිනිසෙක් හිතන්න. තේරුමක් නැතිව අඩන ,තේරුමක් නැතිව හිනා වෙන, තේරුමක් නැතිව දුවන පනින, ගුටි ගහගන්න ,රණ්ඩු කරන, වනචාරකමේ යන මිනිහෙක් ගැන හිතන්න. එහෙම මිනිස්සුන්ට අපි පිස්සු කියල කියනවා . මිනිහෙක් උනාම කොයි දේ කළත් තේරුමක් අර්ථයක් අරමුණක් තිබිය යුතුයි. ඉතින් තේරුමක් නැතිව හිඩැස් පුරවන්න යන මිනිස්සු නිසා අපහසුතාවයට පත් වෙන්නේ ඒ යටතේ ඉන්න පුද්ගල චරිතමයි. සමාජයෙන් නොලැබෙන ගෞරවය නිවස තුලින් තම බිරිද මගින් දරුවන් මගින් ලබන්නට වෙහෙසෙන පුද්ගලයකු මීට හොද උදාහරණයක්. ඔවුන් තත්ත්වය උදෙසා තමන් යටතේ වෙසෙන පුද්ගලයන්ව කොන්දේසි විරහිතව දරුණු පාලනයකට යටත් කර ගන්නවා. ආශා කරන්න් තමන්ට හීනෙකින්වත් ළගා කරන්න බැරි දේවල් වලට. එහෙම මිනිස්සු ඉතාම ඉක්මනින් අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. නිතරම නෙයිවසිල්ලෙන් කාලය ගෙවනවා.
                                                කෙනෙහෙලිකම් කරන්නෙම තමන්ට ආදරේ කරන තමා වටේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් එහෙම කෙනෙකුට ජීවත්වන සමාජ වටපිටාවේ පැහැදිලි චරිතයක් ගොඩනැගෙන්නේ නෑ වගේම තමන් අරමුණු කරගෙන ඉන්න සමාජයේ පිළිගැනිමක් ලැබෙන්නෙත් නෑ. සමහර මිනිස්සු ආදරේ කරන්නෙ තමන්ට ආදරේ කරන මිනිස්සුන්ට . බොහෝ ඉවසිලි වන්තයි. ඉක්මනින් තරහ යන්නෙ නැ. හැම දෙයක් ගැනම හොද වගේ නරක පැත්තක් දකිනවා. මිනිසිසුන්ට නිස්කාරනේ විවේචනය කරන්න යන්නෙ නෑ. අතිශය නරක පුද්ගලයන් තුළත් පවතින අංශු මාත්‍රිය හොද පවා තේරුම් ගන්නවා. අතිශය හොද පුද්ගලයන් ළග පවතින අංශු මාත්‍රිය නරක පවා තේරුම් ගන්නවා. ඒ චරිත නිසල දිය වගේ පැහැදිලියි. මලක් ළග මලක් වෙන්නත් ගලක් ළග ගලක් වෙන්නත් දන්නවා. අරමුණු කරා ළගා වීමට ඇති අවහිරතා නිසා ඔවුන් ජීවිත කාලයම පීඩා විදිනවා. අනෙකාට චලකපනවා. කකුලෙන් අදිනවා. ඒ නිසයි අපේ සමාජය මේතරම් කැත. ගද, මානුෂික සුවදක් නැති පෙරේත පුළුටු ගද හමන පරිසරයක ජීවත් වෙන ගමන් මලක් ළගදි මලක් සේම ගලක් ළගදි ගලක් වෙන්න ටිකක් අමාරුයි. ඒත් එහෙම වෙන්න පුළුවන් නම් ඔබ දිනුම්.

ජීවිතයට පුංචි අත්දැකීමක්………….

                දවසක් අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ රැස්වීමක් තිබ්බා. එදා අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර අපේ සුදත් සර් කිව්වා ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමයිට ඇඹිලිපිටියේ යන්න ආරාධනාවක් ලැබිලා කියලා. ශිෂ්‍ය නායක පුහුණුවක් සදහා කියල කිවිවා. අපි එවෙලෙ ටිකක් බය වුණා. මොකද අපි වගේම වෙනත් පාසල් වලින් ළමයි එනව කියල සර් අපිට කීව්වා.අපිට කන්න කෑම ඉන්න කාමර සෑම පහසුකමක්ම දෙනව කියල කිවිවා.අපි වෑන්එකක් කතා කර ගෙන ජුනි පලවෙන්ද උදේ අටට විතර අපි අපේ පාසලෙන් පිටත් වුණා.අපිට නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට එන්න කියල තිබුනෙ එදා හවස පහ වෙනකොට අපි ගොඩක් වේලාසනින් ගියේ අපේ පාසලේ සිට ඇඹිලිපිටියට යන අතර තුරදී බලන්න ගොඩක් දේවල් තිබුණ නිසා.අපිව එක්ක ගෙන ගිය මහේෂ් සර් සහ මංජලි මිස් හරිම හොදයි. මත්ස්‍යය අභිජනන මධ්‍යස්තානය, සූරිය වැව, සංඛපාල විහාරස්ථානය, මඩුවන් වෙල වලව්ව බලන්න ගියා.පාසල් ළමුන් වශ‍යන් අපට ගොඩක් වැදගත් වුණා.
ඊට පස්සෙ අපි නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට ගියා. අපි තමයි එතනට ඉස්සෙල්ලම ගියේ.ගිහින් ටික වෙලාවකින් අපිට ඉන්න කාමර ලැබුණා.අපි හිතුවටත් වඩා එතන පහසුකම් තිබුණා. එදා රෑ මේ දවස් දෙකේ වැඩ පිලිබද එම මධ්‍යස්තානයේ සර් කෙනෙක් කෙටියෙන් පැහැදිලි කලා. අපිට දවසේ වැඩ කටයුතු සහිත කාලසටහනක් සහ අවශ්‍ය කරුණු සටහන් කර ගැනීමට කොල සහ අවශ්‍ය ද්‍රවය අපට ලබා දුන්නා.අපට මුලින්ම කියල දුන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයයි.මොකද අපිට ඕන ඕන වෙලාවට තේ ‍බොන්න කන්න දේශන වලට යන්න අපිට බැරි වුණා. අපි නායකයන් විදියට පුහුණුව ලබන අවස්ථාවෙ ඔවුන් අපට දේශන පැවැත්වුවා. අපිට කම්මැලිකම නොදැනෙන ආකාරයට ඒ පුහුණු වලට සවන්දෙන්න පුලුවන් ආකාරයට ඔවුන් විහිඑවෙන් අපට ඒ දැනුම ලබා දුන්නා . ඇත්තටම ඒ ලබපු දැනුම නායකයන් වශයෙන් අපට ඉතාමත් වැදගත්. ඒ වගේම අපිට මේ සමාජයේ ජීවත්වෙද්දිත් ඒ උපදෙස් ඒ දැනුම ගොඩක්ම වටිනව. ඇත්තටම කෑමත් හරිම පිරිසිදුවට රසට අපි නොසිතු ආකාරයට තිබුණා. උදේ පාන්දර නැගිටල කඩියො වගේ ලේස්ති වෙලා ව්‍යායාම කරන්න අපි පිට්ටනියට ගියා. ඊට පස්සේ දේශනයක් පවත්තල අපි හැමෝම කණ්ඩායම් වලට බෙදුව. මගේ කණ්ඩායමට අපේ පා‍සලෙන් මමයි මල්ලි කෙනෙකුයි විතරයි හිටියේ. මම ටිකක් බය වුණා. ඒ ළමයි මාව කොන් කරයි කියලා. ඒත් ඒ බය කණ්ඩායමට ගියාට පස්සෙ නැති වුණා. මොකද ඒ ළමයි හැමෝම මාත් එක්ක කතා කලා ගොඩාක් කාලෙක ඉදන් අදුනන යාළුවෝ වගේ අපි කටයුතු කලා. කවදාවත් නොවින්ද අත්දැකීමක් අපි වින්ද අපි දවස් දෙක අවසන් වෙනකොට හරීම දුකයි තව දවසක් ඉන්න තිබුනනම් කියල හිතුනා.එතනින් එද්දි අනේ අපට තවත් දවසක මෙතනට එන්න අවස්ථාවක් ලැබේවා කියල මට හිතුණා. ඇත්තටම අපි ලබපු ඒ අද්දැකීම අපේ ජිවිතේට ගොඩක් වටිනව කියල ඇත්තටම හිතට දැනෙනවා.