ක්‍රි.ව 2011වු ඇසළ මස 22 වන ගුරුදා
පැන්ෂන් එක ගන්න කන්තෝරුවට ගියා
වටපිට බැලිමි සුද මතු උන දෙනෙත අයා
අම්මප බොලව් ඇස් අදහනු බැරුව ගියා
පෝයත් නොවී පාරේ පෙරහැරක් ගියා
නා නා පාට රෙදි ඇග වට දවටාලා
ගැටිස්සියන්ගේ විලුඔත් උල තියලා
බුලත්විට සපලදෝ දෙතොලම රතු විලා
යන්නට ඇත අඩක් ඇදුමෙන් ගැලවීලා
ඒ කාලේ අපි හිටියේ කොහොම බොලේ
දිය රෙද්දක් ඇදලා නෑවේ උනත් දොලේ
හොද හැටි රෙද්ද පටලාලයි හිටියෙ පැලේ
බාගෙට ඇදන් පාරෙත් යයි දැන් කාලේ
මොකද වෙලා ඇති මේ විබ්බනෙ කියලා
ඇසුවෙමි කොලු ගැටයෙකුගෙන් හඩ නගලා
නැහැ නැහැ යනව නොව මේ පෙරහැර කියලා
කිව්වා ආච්චියෙ ටියුෂන් එක ඇරිලා
Advertisement
