පෙම් පතක් නොවේ……………..

චිරන් ජයතු !
පරම පිවිතුරු ආදරය වෙත
මං දත්තවා. ඔයා මගෙත් එක්ක අමනාපෙන් ඉන්නෙ කියලා. ඒත් මේ සිද්දවෙන දේවල්වලට හරිනම් මමයි ඔයත් එක්ක තරහ වෙන්න ඕනේ. ඒ මොනව වුනත් මේ දේවල් කියන්න ඔයා හැර වෙන කවුරුත් මට නෑ. පොඩි එකී විදින දුක බලා ඉන්න බැරිම තැනයි මං මේ ඔයාට ලියන්න හිතුවෙ. මෙච්චර ෆෝන් තියෙන කාලේ ලියුම් ලියන්න මොන මෝඩයද කියලා උඔ හිතනවා ඇති. ඒත් ඉත්න් ඔයා ෆෝන් එකට ආන්සර් කරන්නෙ ලව් කරන්න විතරනෙ. අනෙක ෆෝන් එකේ සිංදුව අහලා හරි ප්‍රතිචාරයක් නොමැත කියලා අහලා හරි කන රිදවා ගන්නවාට වඩා ලියුම හොදා.
ඔයා දන්නවද මේ දවස් වල මනමාලයෝ බලන්න ආවම පොඩි එකී එළියට යන්නෙ මරණෙට නියම වෙච්ච එළදෙනක් ගානට. හිතේ ගැස්මට අතේ ඇගිලි වෙව්ලන හැටි මං තරම් දන්නෙ නෑ වෙන කවුරුත්. පව් අහින්සක එකී. ලොකු එකී අකීකරු කමට උඹත් එක්ක පැනල ගිය එකෙන් නිදහස නැති වුනේ පොඩි එකීගෙ.
මේ ඊයේ පෙරේදත් මනමාලයෙක් ආවා. ඌ හොයන්නෙ උගේ අයියගෙ ගෑනිට දෙවෙනි නොවන එකියක්. ඊට කලිනුත් ඔය වගේම යෝජනාවක් අවා. ඌට ඕන වුනේ ඌ කලින් යාළුවෙලා හිටිය කෙල්ලගෙ කොන්ඩෙට වඩා අගලක් හරි දිග කොන්ඩෙ දිග එකියක්. ඔය වගේම තවත් දවසක් දොරවල්  යාන වාහන හොද රස්සාවක් තියෙන තියෙන කොල්ලෙක් රජයේ ෆැන්ෂන් රස්සාවක් තියෙන කෙල්ලෙක් හොයනවා. හොයල බැලින්නම් හේතුව උගේ යාළුවො බැදලා ඉන්න ගෑණුන්ට ගැලපෙන්නයි ඌ ගෑණු සොයන්නෙ. දවසක් ඹ්කේ අනෙක් පැත්ත කොල්ලා ඉගෙන ගෙනත් නෑ. රස්සාවකුත් නෑ යමක්කමක් තියෙන තැනකින් කෙල්ලක් හොයනවා. මොකද බැලුවාම කාරනය උන්ගෙ බජාජ් එකේ ඉන්නවාලු තමන්ට මුකුත් නැති වූණාට හොද තැනකින් කසාද බැදගෙන ගොඩ ගිය වුන්. මේ කතා ඇහෙන කොට අපේ පොඩි එකීට මාව පොළවෙ ගහන්න හිතෙන් නැති එකයි පුදුමෙ.
දන්නවද දවසක් වෙච්ච වැඩක්. තේ ටිකත් බීලා මනමාලි බලලා යන්න යාළුවෙක් එක්ක ඇවිත් යන්න එනවා කියපු ‍කොල්ලා මෙන්න වෑන් එකක් පිරෙන්න ගමක නෑදෑයෝ පුරව ගෙන විස්සක් තිහක් විතර ඇවිත් බැස්සෙ නැතෑ. ගෙදර වුන්ගෙ දෙවොල රත්වුණා. ඒක එහෙමයි කියමුකෝ. ඔය වගේම උදේ දහයට විතර තේ ටිකක් බීල යන්න එනවයි කියපු අය එනකොට දවල් දොලහත් පහුවෙලා. දවල් කෑම වෙලාව. රාහු කාලය පනිනකම් ඉදලා. මොනව කරන්නද ඉතින් පොඩි එකීගෙ අප්පච්චි වත්ත පහලට ගිහින් කිරි අල ටිකක් ගලවගෙන ඇවිත් දුන්නා. ඒක කිරට හදලා අගුන කොල සම්බෝලයි. කට්ට කරවල බැදුමයි එක්ක බත් කන්න දුන්නා. අලයි පරිප්පුයි කුකුල් මසුයි පපඩනුයි කාලා එපා වෙල හිටිය කට්ටියට කෑමවේල දිව්‍ය භෝජන ‍වගේ. හදහන ගැලපුනේ නැති නිසා ඒ මගුල තීන්දු වුනේ නෑ. ඹන්න දවසක් ඇති යන්තම් කියලා යොජනාවට දෙපැත්තෙන්ම කැමැත්ත ලැබුණ කියමුකෝ. ඒත් පොඩි පහරකට තිබුනේ මනමාලයගෙ පැත්තෙ උදවියට තිබුන හදිස්සිය ගැනයි. හොයල බැලින්නම් කොල්ලගෙ නංගි මේ ලගදි කොල්ලෙක් එක්ක පැනල ගිහින්. ඹත්පල වෙලා ඉන්න අම්මට සලකන්න කෙනෙක් නැතිලු. හදිස්සියෙ පුතාට මනමාලියක් හොයල තියෙන්නෙ මේ කාලයෙ ගෙවල් වල වැඩට කෙල්ලො හොයන්න ලේසි නැති නිසා. මවුපියන්ට සලකන්න ඕන ඒ අපේ යුතුකම නමුත් රැවටීම හොද දෙයක් නොවෙයි කියලා අප්පච්චි අකමැති වුණා. තවත් දවසක් ඔය වගේ හදිස්සි කාරගයක් ආවා. නැන්දම්මට තමයි වැඩිපුරම හදිස්සිය. මෙකද බැලින්නම් කොල්ල හොදටම අරක්කු සිකරට් විතරක් නෙවෙයි ගංජාවලටත් පුරුදුවෙලා. රස්තියාදුවේ ගිහින් ගෙදරට හරි පැමිණිලි කොල්ලව හදල ගන්න කියලා කසාදයක් බන්දලා දෙන්න හදන්නෙ. අම්ම අප්පට හදන්න බැරි වෙච්ච වුව හදලා ගන්න
දවසක් ආවා හරි හැන්ඩි කොල්ලෙක්. කතා කරන කොට බාගෙට බාගයක් ඉංග්‍රිසි කෑලි. අපේ එකීට අකමැතියි කියලා කපු මහත්තයා අතේ කියල එවල තිබුනා. හේතුව කෙල්ල කලිසමක්වත් අදින්නැති ගොඩේ ‍එකියක්ය කියලා. අපේ එකී ඉතින් ලැජ්ජ බයට හැදිච්ච එකීනෙ. ඒත් එදා වුන දෙයින් පස්සෙ මගේ හැදිච්චකමින් අම්මට වෙන සෙතක් නෑ කියලා. අපේ එකී කලිසමක් කාරිය ඇදලා ‍කොණ්ඩෙ ස්ට්‍රිටි කරලා නහයට කරාබුවක් කාරිය දාලා එක විදියක් වුනා කියමුකො. අම්මගෙයි අප්පච්චිගෙයි මුණ කොස්බෑවගේ. ඒකත් හරි කියමුකො. ඔන්න ඔය සිද්දියෙන් පස්සෙත් මනමාලයෙක් ආවා. හරි වැදගත් පාට කොල්ලා. පොඩි එකීගෙ විච්චුරන දැකලා අකමැති වුණා. එදානම් පොඩි එකී කාමරේ මේසෙ උඩ මාව අත ඇරපු අත ඇරිල්ලට මට දෙලොව රත්වුණා.
මේ සිද්දවෙන දේවල්වලට මේ සමාජයත් වග කියන්න ඕන. බැදපු නැති එකියකට පරේ බැහැල යන්න නෑ. බදින්නෙ නැද්ද දැන් වයසත් යනව නේද ඔහොම ඉදල හරි යනවද වගේ දහසක් ප්‍රශ්න. ගෙදර අම්ම අප්පට නැති බරක්නෙ මේ සමාජයෙ උන්ට තියෙන්නෙ හැබෑටම.
අපේ උන්ගෙ පැත්තෙ වැරදි නැතුවාම නෙමෙයි. මොකද ඉතින් කියන්නෙ නම් අරක්කු සිගරට් කටේ තියන්න නැ කියලා. නමුත් කසිප්පු විකුනල හරි කමක් නෑ සල්ලි තියෙන්න ඕනේ හොරකම් කරල හරි කමක් නෑ අල්ලපු ගෙදර වුන්ට පේන්න වාහනයකින් ඇවිත් ‍පෙනුමට ඉන්න නෑදෑයෝ ටිකක් එක්ක බහිනවනම්. කසාද බැදල ප්‍රශ්න එන කොට ඔය අල්ලපු ගෙවල් වල මිනිස්සුවත් ඔය නෑදෑයොවත් නෑ කියලා මේ මොල ගෙඩි වලට නොතේරෙනහැටි. අනෙක සීයට සීයක් ගැලපෙන අය කොහෙවත් නෑ කියලා වගේම ජිවිතය කියන්නෙ කැප කිරිමක් කියලත් මිනිස්සු තේරුම් ගන්න ඕන. නමුත් ‍ගොඩක් ප්‍රශ්න වලට මුල සල්ලි නැති වෙච්ච හැටියෙ උඹ පෑල දොරෙන් පැනල යන එකනේ. එක අතකට ඒක එහෙමයි කියන්නත් බෑ. දැන් ඔය ලොකු එකී අකීකරු කමට ගියා තමයි. නමුත් තට්ටු දෙකට ගේ හදලා දෙන්නට යන්න වෙන වෙනම වාහන අතට පයට වැඩ කාරියෝ පිටින් බලන කෙනෙකුට හරි සැපට පේන්න පුළුවන්. ඒත් බෑනාගේ ක්‍රියාකලාපය ඒහැටි හොද නැතිලු.ලොකු එකී සතුටින් නෙමෙයි කියලා අම්මා දුක් වෙනව මම අහගෙන අපට අකීකරු වෙලා හරි කමක් නෑ. අඩු තරමේ එකිවත් සතුටින් නම්. දැන් ඒකත් නෑනේ කියලා. ඒ වෙලාවට නම් හිතෙනව උඔටත් එක හිතක් නැද්ද කියලා. නවකතා ටෙලි නාට්‍යවල නම් කියන්නෙ උඔ තරම් වෙන එකෙක් මේ ලොකෙ නෑ කියලා ඕවා බලල තමයි අපේ ලොකු එකී වගේ උන් නරක් වෙන්නෙ.
අනේ හැබෑටම මේව දකින්න මමත් පව් කලානෙ. සංස්කෘතිය සිරිත් විරිත් කියල මේ ජරා බිස්නස්වලට ඇයි දෙයියනේ අසරන මාවම ගාව ගත්තෙ. සාලෙ මුල්ලකට වෙලා පාඩුවෙ ඉන්න නොදි කවි සිංදු අස්සෙ නැලවෙන උඔට මේව ‍තේරෙන්නෙ නෑ තමයි. ඇස් කන් ඇරල ටිකක් ලෝකය දිහා බලන්න කියන්නයි මේ ටික හරි ලිව්වෙ. මාව නම් වයසක උන්දලා හින්දවත් රැකේවි.නමුත් මෙහෙම ගියොත් උඔ මේ ලොකේ නැත්තටම නැතිවෙලා යාවි. උඔට එහෙම වෙන්න දෙන්න බෑ. මේ ලෝකෙ හැමදාමත් උඔ ඉන්න ඕනෙ. නැත්නම් සල්ලිවලට යටවෙලා මිනිස්සු මැරිලා යාවී එ විනාශයෙන් මිනිස්සු බේර ගන්න පුළුවන් උඔට විතරයි.
මීට ,
හුණු දුන්කොළ නැති
බුලත් හෙප්පුව.    

One response to this post.

  1. me inoka pau ban bulath heppuwa. e lipiya harima lassanay.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.