මලක් ළගදි මලක් වෙන්න, ගලක් ළගදි ගලක් වෙන්න………

සත්ත්ව ලොකයේ ජීවත් වෙන අනේ විද සතුන් අතරින් මිනිසා අනෙක් සතුන්ට වඩා සතුටින් සහ උද්යෝගයෙන් ජීවත් වෙන්නේ ඇයි දන්නවද. ඒ සෑම මිනිසෙකුටම ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා. තමා වැදගත්ය යන අදහස මිනිසෙකුගෙ සිතට ආවාම ඒ මිනිසා තමන්ගේ ජීවිතේට අප්‍රමාණව ආදරය කරන්න ගන්නවා. ඒ නිසා තමයි වටිනා කියන මිනිස්සු හුගක් පරිස්සම් වෙන්නේ. අධ්යාහපනයක්, මුල්‍යමය වටිනා කමක් හෝ වෙනයම් හැකියාවක් නැති ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ උලත් එකයි පිලත් එකයි වගේ. උන්ට අද මැරුණත් එකයි. එහෙම නොවන මිනිස්සු ලොකු වටිනා කමක් ඇතිව ජීවත් වෙනවා. තව සමහරු තමන්ගේ වටිනාකම් කියන දේ බලහත්කාරයෙන් ලබා ගන්න යනවා.
                                                              ඔබ ලග වටිනා කියන දෙයක් නැත්නම් ඔබ ලග මුදල් නැත්නම් හෝ අවශේෂ වටිනා කමක් නැත්නම් ඔබ මේ සමාජයට වටින්නෙ නෑ. ඉතිං සමාජය ඔබව ගණන් ගන්නේ නෑ. මෙහෙම පිළිගැනීමක් නැති සෑම මිනිසෙකුගේම ජීවතය තුළ රික්තයක් හට ගන්නවා. ඒ හිඩැස පුරවා ගන්න මිනිසා මොනව හරි කරන්න ඕන. හිඩැසක් පුරවන්න මොනවම හරි කරන මිනිසෙක් හිතන්න. තේරුමක් නැතිව අඩන ,තේරුමක් නැතිව හිනා වෙන, තේරුමක් නැතිව දුවන පනින, ගුටි ගහගන්න ,රණ්ඩු කරන, වනචාරකමේ යන මිනිහෙක් ගැන හිතන්න. එහෙම මිනිස්සුන්ට අපි පිස්සු කියල කියනවා . මිනිහෙක් උනාම කොයි දේ කළත් තේරුමක් අර්ථයක් අරමුණක් තිබිය යුතුයි. ඉතින් තේරුමක් නැතිව හිඩැස් පුරවන්න යන මිනිස්සු නිසා අපහසුතාවයට පත් වෙන්නේ ඒ යටතේ ඉන්න පුද්ගල චරිතමයි. සමාජයෙන් නොලැබෙන ගෞරවය නිවස තුලින් තම බිරිද මගින් දරුවන් මගින් ලබන්නට වෙහෙසෙන පුද්ගලයකු මීට හොද උදාහරණයක්. ඔවුන් තත්ත්වය උදෙසා තමන් යටතේ වෙසෙන පුද්ගලයන්ව කොන්දේසි විරහිතව දරුණු පාලනයකට යටත් කර ගන්නවා. ආශා කරන්න් තමන්ට හීනෙකින්වත් ළගා කරන්න බැරි දේවල් වලට. එහෙම මිනිස්සු ඉතාම ඉක්මනින් අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. නිතරම නෙයිවසිල්ලෙන් කාලය ගෙවනවා.
                                                කෙනෙහෙලිකම් කරන්නෙම තමන්ට ආදරේ කරන තමා වටේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් එහෙම කෙනෙකුට ජීවත්වන සමාජ වටපිටාවේ පැහැදිලි චරිතයක් ගොඩනැගෙන්නේ නෑ වගේම තමන් අරමුණු කරගෙන ඉන්න සමාජයේ පිළිගැනිමක් ලැබෙන්නෙත් නෑ. සමහර මිනිස්සු ආදරේ කරන්නෙ තමන්ට ආදරේ කරන මිනිස්සුන්ට . බොහෝ ඉවසිලි වන්තයි. ඉක්මනින් තරහ යන්නෙ නැ. හැම දෙයක් ගැනම හොද වගේ නරක පැත්තක් දකිනවා. මිනිසිසුන්ට නිස්කාරනේ විවේචනය කරන්න යන්නෙ නෑ. අතිශය නරක පුද්ගලයන් තුළත් පවතින අංශු මාත්‍රිය හොද පවා තේරුම් ගන්නවා. අතිශය හොද පුද්ගලයන් ළග පවතින අංශු මාත්‍රිය නරක පවා තේරුම් ගන්නවා. ඒ චරිත නිසල දිය වගේ පැහැදිලියි. මලක් ළග මලක් වෙන්නත් ගලක් ළග ගලක් වෙන්නත් දන්නවා. අරමුණු කරා ළගා වීමට ඇති අවහිරතා නිසා ඔවුන් ජීවිත කාලයම පීඩා විදිනවා. අනෙකාට චලකපනවා. කකුලෙන් අදිනවා. ඒ නිසයි අපේ සමාජය මේතරම් කැත. ගද, මානුෂික සුවදක් නැති පෙරේත පුළුටු ගද හමන පරිසරයක ජීවත් වෙන ගමන් මලක් ළගදි මලක් සේම ගලක් ළගදි ගලක් වෙන්න ටිකක් අමාරුයි. ඒත් එහෙම වෙන්න පුළුවන් නම් ඔබ දිනුම්.

One response to this post.

  1. oya ehemada

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.