8
Jun
ජීවිතයට පුංචි අත්දැකීමක්………….
Posted June 8, 2011 by inokasandamali in අන්තර්ජාලය ඇසුරින්, මං කරන විවේචන, මගේ අදහස්, මගේ කවි, Uncategorized. Tagged: 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඇඹිලිපිටිය, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය., බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා. 1 Comment
දවසක් අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ රැස්වීමක් තිබ්බා. එදා අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර අපේ සුදත් සර් කිව්වා ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමයිට ඇඹිලිපිටියේ යන්න ආරාධනාවක් ලැබිලා කියලා. ශිෂ්‍ය නායක පුහුණුවක් සදහා කියල කිවිවා. අපි එවෙලෙ ටිකක් බය වුණා. මොකද අපි වගේම වෙනත් පාසල් වලින් ළමයි එනව කියල සර් අපිට කීව්වා.අපිට කන්න කෑම ඉන්න කාමර සෑම පහසුකමක්ම දෙනව කියල කිවිවා.අපි වෑන්එකක් කතා කර ගෙන ජුනි පලවෙන්ද උදේ අටට විතර අපි අපේ පාසලෙන් පිටත් වුණා.අපිට නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට එන්න කියල තිබුනෙ එදා හවස පහ වෙනකොට අපි ගොඩක් වේලාසනින් ගියේ අපේ පාසලේ සිට ඇඹිලිපිටියට යන අතර තුරදී බලන්න ගොඩක් දේවල් තිබුණ නිසා.අපිව එක්ක ගෙන ගිය මහේෂ් සර් සහ මංජලි මිස් හරිම හොදයි. මත්ස්‍යය අභිජනන මධ්‍යස්තානය, සූරිය වැව, සංඛපාල විහාරස්ථානය, මඩුවන් වෙල වලව්ව බලන්න ගියා.පාසල් ළමුන් වශයන් අපට ගොඩක් වැදගත් වුණා.
ඊට පස්සෙ අපි නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට ගියා. අපි තමයි එතනට ඉස්සෙල්ලම ගියේ.ගිහින් ටික වෙලාවකින් අපිට ඉන්න කාමර ලැබුණා.අපි හිතුවටත් වඩා එතන පහසුකම් තිබුණා. එදා රෑ මේ දවස් දෙකේ වැඩ පිලිබද එම මධ්‍යස්තානයේ සර් කෙනෙක් කෙටියෙන් පැහැදිලි කලා. අපිට දවසේ වැඩ කටයුතු සහිත කාලසටහනක් සහ අවශ්‍ය කරුණු සටහන් කර ගැනීමට කොල සහ අවශ්‍ය ද්‍රවය අපට ලබා දුන්නා.අපට මුලින්ම කියල දුන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයයි.මොකද අපිට ඕන ඕන වෙලාවට තේ බොන්න කන්න දේශන වලට යන්න අපිට බැරි වුණා. අපි නායකයන් විදියට පුහුණුව ලබන අවස්ථාවෙ ඔවුන් අපට දේශන පැවැත්වුවා. අපිට කම්මැලිකම නොදැනෙන ආකාරයට ඒ පුහුණු වලට සවන්දෙන්න පුලුවන් ආකාරයට ඔවුන් විහිඑවෙන් අපට ඒ දැනුම ලබා දුන්නා . ඇත්තටම ඒ ලබපු දැනුම නායකයන් වශයෙන් අපට ඉතාමත් වැදගත්. ඒ වගේම අපිට මේ සමාජයේ ජීවත්වෙද්දිත් ඒ උපදෙස් ඒ දැනුම ගොඩක්ම වටිනව. ඇත්තටම කෑමත් හරිම පිරිසිදුවට රසට අපි නොසිතු ආකාරයට තිබුණා. උදේ පාන්දර නැගිටල කඩියො වගේ ලේස්ති වෙලා ව්‍යායාම කරන්න අපි පිට්ටනියට ගියා. ඊට පස්සේ දේශනයක් පවත්තල අපි හැමෝම කණ්ඩායම් වලට බෙදුව. මගේ කණ්ඩායමට අපේ පාසලෙන් මමයි මල්ලි කෙනෙකුයි විතරයි හිටියේ. මම ටිකක් බය වුණා. ඒ ළමයි මාව කොන් කරයි කියලා. ඒත් ඒ බය කණ්ඩායමට ගියාට පස්සෙ නැති වුණා. මොකද ඒ ළමයි හැමෝම මාත් එක්ක කතා කලා ගොඩාක් කාලෙක ඉදන් අදුනන යාළුවෝ වගේ අපි කටයුතු කලා. කවදාවත් නොවින්ද අත්දැකීමක් අපි වින්ද අපි දවස් දෙක අවසන් වෙනකොට හරීම දුකයි තව දවසක් ඉන්න තිබුනනම් කියල හිතුනා.එතනින් එද්දි අනේ අපට තවත් දවසක මෙතනට එන්න අවස්ථාවක් ලැබේවා කියල මට හිතුණා. ඇත්තටම අපි ලබපු ඒ අද්දැකීම අපේ ජිවිතේට ගොඩක් වටිනව කියල ඇත්තටම හිතට දැනෙනවා.
Like this:
Be the first to like this post.
Posted by චතු on June 8, 2011 at 8:50 am
අද කාලේ හැම ලමයෙකුටම දෙන්න ඕනි පුහුණුවක්.. මම ශිෂ්‍යභටයෙක් විදියට පුහුණුව ලබනකොට ඔය කියන අද්දැකීම් වින්දා..