ව්‍යාඝ්‍රයාගේ වසරේදී ව්‍යාඝ්‍රයා ලොවෙන් සමුගනීද

චින දිනදර්ශනයට අතුව 2010 වසර හැදින්වෙන්නේ ව්‍යාඝ්‍රයාගේ වසර (Year of the Tiger)කියලයි. ඒ අනුව 2010 වසර් සංකේතය වන්නේ ව්‍යාඝ්‍රයායි. ඒත් අවාසනාවට සත්ත්ව සුරකීමේ සංවිධාන අනතුරු අගවමින් කියන්නේ ව්‍යාඝ්‍රයන් ලොවෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා කියලයි. ව්‍යාඝ්‍රයන්ගේ සම්වලටත් සහ අස්ථි වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා වනාන්තරයේ සතුන් ගොදුරු කරගෙන ජිවත් වන මේ රෞද්‍ර මෘගයා අද නීතී විරෝදී මනුෂ්‍ය දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙලා. ව්‍යාඝ්‍රයන්ගේ අස්ථි හා දත් ප්‍රබල ඹසුවක් ලෙස භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නොවේ, ව්‍යාඝ්‍රයාන්ගේ සිරුරු කොටස් ලබා ගැනීමත් සිදුවෙනවා.
”2010 ව්‍යාඝ්‍රයාගේ වසර හැටියට නම් කිරිමත් සමග ව්‍යාඝ්‍රයන් සුරැකීමට වැඩි අවදානයක් යොමු කරන්න අපට සිදුවෙනවා. ” යැයි ලෝක වන සත්ත්ව අරමුදලේ ව්‍යාඝ්‍රයන් සුරැකීමේ වැඩසටහනේ (WWF Tiger Initiative) ප්‍රධානි මයිකල් බල්ටිසාර් පවසනවා . විදෙස් මාධ්‍ය වෙත ඹහු මේ බව පැවසුවේ නේපාලයේ කත්මන්ඩු නුවරදී  පැවත්වු ව්‍යාඝ්‍රයන් සුරැකීමේ වීශේෂ සමුළුවක් අමතමිනි.
”ව්‍යාඝ්‍රයන්ගේ සිරුරේ කොටස් ඖෂධ ලෙස භාවිත කලේ චීන සම්ප්‍රදයික වෙදකමේදීයි. නමුත් අද ඔවුන් ඒවා භාවීතා කරන්නේ නැහැ. ඒත් අවාසනාවට ව්‍යාඝ්‍රයන්ට ඇති තර්ජනයේ කිසිම අඩුවක් වෙලා නැහැ අනවසරයෙන් දැන් ව්‍යාඝ්‍රයන් දඩයම් කරන්නේ සිහිවටන හා තෑගි හැට්යට උන්ගේ හිස් ,සම්, දත් හා අස්ථි විකිනීම සදහායි. 2010 වසර ව්‍යාඝ්‍රයාගේ වසර නිසා සිහිවටන හා තෑගී වැඩි වැඩියෙන් ලබා ගැනීමේ අරමුණින් ව්‍යාඝ්‍රයන් දඩයමයට ලක්වේ. ඒ නිසා වනාන්තර වල ජීවත් වන මේ මහ බළල් පවුලේ යෝධයා බේරා ගන්න අපි පියවර ගන්න ඕනෑ” බල්ටිසාර් අවධාරණය කරයි.
ව්‍යාඝ්‍රයන් සුරැකීමේ පදනමේ වාර්තා පෙන්වා දෙන්නේ අද වන විට වනාන්තර වල නිදැල්ලේ ජීවත්වෙන ව්‍යාඝ්‍රයන් සිටින්නේ 3,200 ක් පමණයි කියලයි. මීට ශතවර්ෂයකට ඉහතදී උන්ගේ ගහණය 10,000 ක් දක්වා වැඩිවී තිබුණා. ව්‍යාඝ්‍රයන්ගේ නිජබිම ලෙස සලකන්නේ දකුණු හා අග්නිදිග ආසියාවයි. දැන්  ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමත් විකිණිමත් නීතියෙන් තහනම් කරලයි තියෙන්නේ. චීනය ඇතුළු රටවල් 167 ක් එකගවෙලයි ඒ නීතිය සම්පාදනය කළේ. ඒත් තවමත් නීති විරෝධි ලෙස මේ දඩයම් කිරීම හා වෙලදාමි සිදුවෙනවා. චීනය මෙම නීතිය ක්‍රියාවට නැංවුයේ 1993 වසරේදීය. ඒ වන විට චීනය පුරා මරාදැමු ව්‍යාඝ්‍රයන් 6,000 ක ගේ සිරුරු ගොවිපළ 14 කින් සොයා ගැනුණා. මේ බව හෙළි කලේ චීනයේ බීජිං නුවර වන සත්ත්ව සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂ ලී ෂෑංග්ය. මේ ව්‍යාඝ්‍ර ගොවිපලවල කුකුළන් ඌරන් වගේ ව්‍යාඝ්‍රයන් බෝ කිරීම සිදු කෙරුණා. වසරකට ව්‍යාඝ්‍ර පැටවු 1,000 ක් බිහි කරන්න ඒවා සමත් වුණා.

One response to this post.

  1. hay inoka kohomada

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.