කහ කිරිල්ලියකගේ කදුඑ කතාව………..

ජිවිතේ පිවිතුරුම සුන්දරම බලාපොරොත්තුවක් පාට පාට හීනයක් වගේ, හදවතට තුරුඑ කර ගත්ත ආදරය නැමති උපාංග වලින්  කහ කිරිල්ලියක් ජීවිතය නැමැති මාළිගාව තනන්න එදා ඉදල පටන් ගත්තා.
ගඩොලින් ගඩොල එකතුවෙලා ලස්සන ගෙයක් හැදෙනව වගේ මේ කහ කිරිල්ලි කහ කුරුල්ලගේ පෙම් වදන් වලින් ජීවිතයම එකලු කරගත්ත. නමුත් කහ කිරිල්ලිටවත් නොදැනීම කහ කිරිල්ලිගෙ සිහින මාළිගාවට විශාල ගංවතුරක් ආවා. ඒ ගංවතුර ආයේ බැහැල ගියේ කහ කිරිල්ලිට කහ කුරුල්ලව අහිමි කරල.
මැණිකක් මෙන් කහ කිරිල්ලිගෙ හදවතේ කිරුඑ පැලදි කහ කුරුල්ලා ජිවිතේ අසුන්දරම හැන්දෑවක කහ කිරිල්ලිගෙ පැතුමන් විසුවරලා දැම්ම. අතීතයේ පැය ගණන් පෙම් වදන් මිමිණු කහ කුරුල්ල එදා වචන තුන හතරකින් කහ කිරිල්ලිගෙ ජීවිතේ නැවැත්තුව.
කහ කිරිල්ලිගෙ සුරතේ දෑත තියා දහසක් පොරොන්දු දුන් කහ කුරුල්ල තත්පරයකදි ඒ සියල්ල කදුලක් බවට පත් කළා. සදාතනිකව කිරිල්ලිගෙ තනියට රුදෙන්නම් කියු කුරුල්ලා ඒ නිසල සැදෑවෙ කහ කිරිල්ලිව තනි කර ඈතින් ඈතට පියඹලා යන හැටි කහ කිරිල්ලි කදුඑ බොදවුනු දෙනෙතින් බලා සිටිය.
එනමුදු ජිවිතයේ දහස්වර මේ ආදර කුරුල්ලම පැතු මේ කිරිල්ලි අහින්සක එයාව තනි කරල යන හැටි බලා ගෙන හිටියා. නෙතින් වැටෙන කදුඑ පිසදමමින් කිරිල්ලි මෙසේ කියනව,
”ඔබ ඔබෙ ලොවේ කිරුඑ පලදිනදා මම මගේ ලොවේ කදුඑ මල් දම් පලදින්නම්. මට හිමිවුන ඔබෙ සෙනෙහස අන් හදකට උරුම වුවත් දුක්වෙන්නෑ කවදාවත් ඔබ සතුටින්නම්”.
මෙහෙම කියල කිරිල්ලි නෙතින් වැටෙන කදුඑ පිසදමමින් ඈතින් ඈතට……..පියඹලා ගියා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.