8
Mar
දිය බල්ලා……….
Posted March 8, 2011 by inokasandamali in අන්තර්ජාලය ඇසුරින්, මං කරන විවේචන, මගේ අදහස්, මගේ කවි. Leave a Comment
බල්ලෙකුගේ හැඩයට සමානව දියේ වෙසෙන බැවින් මේ සතාට දිය බල්ලා යන නම ලැබී තිබේ. දිය බල්ලා ජලයේ හැසිරෙන නිශාචර සතෙකි. ශරීරය දිගුය , මුහුන පැතලිය . කට දෙපස දිග රැවුල් තිබේ. ශරිරය ලා දුඹුරු පැහැයට හුරු චොකලට් පැහැයක් ගනී. බඩ දෙපස අලු පැහැතිය. ශරීර වර්ණය සැගවී සිටීමටද උපකාරීවේ. අගට යනවිට සිහින් වු දිගු වලිගය පිහිනීමට අවශ්‍ය ශක්තිය හා සමබර බව ලබා දේ. පා ඇගිලි පටලයකින් එකට සම්බන්ද වී ඇත. එමගින් පිහිනීම පහසු කරයි.
මුඛයේ උල් දත් කිහිපයක් තිබේ. වැඩුණු සතෙකුගේ බර රාත්තල්. 8-11 පමණ වේ. ඇළ දොළ අසල පිහිටි ළිං පොකුණු ආශ්‍රිතව ජීවත්වන දිය බල්ලා කක්කුට්ටන්, මාළුවන්, ගෙම්බන් හා ඉදහිට කොරවක්කන් පවා ආහරයට ගනී.
දිය බල්ලා ගලා යන දිය පාරවල්වල නාද කරමින් කිමිදී නෑමට, පිහිනිමට ප්‍රිය කරයි. හදිසි අවස්ථා වලදී පසුපස පාද දෙකෙන් හිටගෙන වටපිට බලන අයුරු දැකිය හැක. දිය බල්ලාගේ මළපහ වලින් දැඩි දුගදක් හමයි . ගැහැණු සතා වරකට එක් පැටවකු බිහි කරන අතර කලා තුරකින් පැටවුන් දෙදෙනකු හෝ තිදෙනකු බිහි කරයි. වදවී යන සත්ත්වයෙක් වන දිය බල්ලාගේ ආයු කාලය වසර 10ක් පමණ වේ.
Like this:
Be the first to like this post.