ටොවුමායි මානවයා……

වානරයාගෙන් වෙන් වී මානවයා නිර්මාණය වුයේ කෙසේද යන්න ගැන කාලයක් තිස්සේ නොයෙක් පර්යේෂණ සිදු කෙරුණා. විවිද පුරා විද්‍යාඥයන් සොයා ගන්නා මානව සහ වානර කොටස්  අධ්‍යයනය කිරීමෙන් විවිධ අදහස් ඉදිරිපත් වුණා. මෙවැනි අදහසක් ඉදිරිපත් කරන්නට සමත් වු සොයා ගැනීමක් තමයි චැඩි රටෙන් සොයා ගත් ටොවුමායි නම් හිස්කබල.
ටොවුමායි ගැන මුල් වරට කරුණු අනාවරණය වුයේ වසර 2002 දීය. ප්‍රංශයේ පොයිටියර්ස් විශ්ව විද්‍යාලයේ මයිකල් බර්නට් ඇතුළු පිරිසක් විසින් ටොවුමායි ගේ හනු ඇට සහ දත් කීපයක් චැඩි රටේ කාන්තරයකින් සොයා ගත්තා. එහිදි ටොවුමායි ගැන බොහෝ දෙනාගේ අවදානය යොමු වු අතර, එහිදී ටොවුමායි මානවයෙක්ද නැද්ද යන්න ගැන ප්‍රශ්න ඇති වුණා. මේ මානවයා හෝමෝ සේපියන්ස් ගේ මුල් යුගය නියෝජනය කරන මානවයෙක් දැයි ඇතමෙකු තර්ක කළේය.
මේ සම්බන්දයෙන් කාලයක් තිස්සේ විද්‍යාඥයන් අතර තර්ක විතරක් ඇති වන්නට විය. ටොවුමායි මානවයකු නොවන්නේ යැයි තර්ක කළ පිරිසගේ අදහස වන්නේ ටොවුමායි ගේ හිස් කබලලේ මෙළය ආවරනය කරන කොටස මානවයකුගේ තරම් වර්දනය  නොවී ඇති බවයි. ප්‍රාථමික මානවයකුගේ මොලය තරම් හෝ වර්ධනය වන්නට අවශ්‍ය ඉඩ කඩ ටොවුමායි ගේ හිස් කබලේ නොවු බව මේ විද්‍යාඥයන් කියනවා. ටොවුමායි ගේ හිස් කබල සහ ඊට සාපේක්ෂව සිරුරේ ප්‍රමානය අධ්‍යනය කල විද්‍යාඥයන් පවසන්නේ ටොවුමායි ‍120cm (අඩි 4) කට වඩා වැඩුණු සිරුරක් ඇති අයකු නොවන බවයි. එය ඇවිදින චිම්පන්සියකුයග් සිරුරේ ප්‍රමාණයයි.මෙය හොදින් ඇවිදීමට හැකි මානවයකුගේ තත්ත්වයක් නොවන බවත් ඔවුන් කියනවා.
කොහොම වුවත් මේ ප්‍රකාශ පල වු සැණින් ටොවුමායි මානව පවුලේ පලමු වැනියා යැයි කියන විද්‍යාඥයන් තමන්ගේ මතය තහවුරු කිරිම සදහා තම සොයා ගැනීම් ඉදිරිපත් කරන්නට වුණා. ‍මේ කණ්ඩායමේ නායකයා වුයේ ක්‍රිස්ටොපර් සොලිකොෆර් නම් ස්විට්සර්ලන්ත මානව විද්‍යාඥයායි. ටොවුමායි සොයා ගනු ලැබුවේ අප්‍රිකාවේ ග්‍රේට් රිෆ්ට් වැලි නමින් හදුන්වන ප්‍රදේශයට කි. මී 2 500 ක් එපිටදීය.  බොහෝ දෙනා විශ්වාස කළේ මානවයා මේ ප්‍රදේශයේ වර්ධනයවී පසුව පැතිර ගිය බවයි.ටටටව

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.