ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වලිකුකුළා……..

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස හදුන්වන වලිකුකුළා ශ්‍රී ලංකාවට ආවේණික වු පක්ෂියෙකි. වලිකුකුළාගේ පිරිමි සතා, ගැහැණු සතාට වඩා දැකුම්කලු ය. වලිකුකුළාගේ පිරිමි සතාට දීප්තිමත් රන්වන් පැහැති කරමලයක් ඇත. ගෙල පැහැයෙන් කහ පැහැයට හුරු රන්වන් පැහැයක් ගනී. දිගු පෙදය තද දීප්තිමත් නිල් පැහැයකින් යුක්තය. පෙදයේ මුල හා පියාපත්වල කෙලවර දම් පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. වලිකුකුළාගේ කකුල් රෝස පැහැතිය. වලිකිකිළිය, වලිකුකුළාට වඩා කුඩාය. පෙ‍දයක් නැත.
දුඹුරු පැහෙයෙන් යුත් ශරීරයකින්  යුත්ත වන වලිකිකිළියගේ බෙල්ලෙහි  සුදු පැහැ තිත් දක්නට ලැබේ.මිනිස් වාසයෙන් තොර වන වදුලුවලින් යුත් කැලෑ ප්‍රදේශවල ජෝඩු වශයෙන් ජීවත් වීමට මොවුන් වැඩිපුර කැමැත්තක් දක්වයි. වැඩි ඉහලකට පියෑඹීමේ හැකියාවක් මොවුන්ට නැත. වලිකුකුළා සර්වභක්ෂක පක්ෂියෙකි. ළපටි තණ පදුරු,වල් පදුරු වැනි දෑ සහ වේයන්, හකරැල්ලන් වැනි කුඩා සතුන් ආහාරයට ගනී.
වලිකුකුළා දිරාගිය කොට අසල ඇති කොළරොඩු සහිත තැන්වල බිත්තර දමයි. ලා කහ පැහැයෙන් යුත් බිත්තර මත දුඹුරු පාට තිත් වැටී ඇත.එම බිත්තර වලිකිකිළිය විසින් ආරක්ෂාකාරී ලෙස රැක ගනියි.

One response to this post.

  1. Posted by chinthaka sir on January 17, 2011 at 9:00 am

    verry Good.sathiyakata varak vath BLOG eka aluth karanna.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.