දිනකර රුදුරු වීලා…. සුළග සැඩවීලා…. තුරුලතා මැලවීලා…. මන්දයත්, සුපුනු වනමලින් පිරි පරිසර තුරුලදුන් මිනිසාට පෙමි බැන්ද නමුත්….. කුරිරු මිනිසා සරොස් රතැස් යුග දල්වා රුපියල් ශත පසු පස ලුහු බැද පරිසරය වියරු කර ඇත මිනිසුනි……. ආපසු හැරි ගොස් ක්‍රි.ව. 1854 ට පෙර යුගයට සවන් දෙනු රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ කතා පුවත….
Archive for August, 2010
30 Aug
සමාධි පිළිමය අභියසදී
වනහිස් මුදුනින් සිසිලස දෙවනා සුවය සපිරි මද පවන හමයි සීල සුගන්ධය පවනට මුසුවී හද සනසන අම සුවය ගෙනෙයි…….. අඩවන් නිසසල ප්‍රතිමා දෑසින් මෙත්මුදිතා කරුණා ඉතිරෙයි මහමෙවුනාවේ වන උයනේ සිට රටටම ආශිංසන පතුරයි……… සුවිසල් නොසැලුණු අංජන පර්වත සදහම් ගුණ රැදි පිළිම වෙලා…… හෙල විරුවන් හෙළු දහදිය මුතුවැල් සැදැහැති නිර්මල සිතින් ළුදා දිව ඔසුවක් විය මහකඑ ගල් [...]
18 Aug
ජිවිතයේ පහන
ජිවිතය අදුරුය නමුත්, පහන අධ්‍යාපනයයි. බාදා බොහෝය පිලිතුරු කෙටිය කිසිදා කිසිතැනක නොනැවති, ඉදිරියටම යමි මම අධ්‍යාපනය නැමති මල් මාවතේ……….
18 Aug
මගේ අරමුණ………
විදු මව් සෙවනේ ශිල්ප හදාරා එකොලොස් වසරක් ගෙවි ගියා පාසල් දිවියේ සොදුරු කඩ ඉමක් පසුගියදා මම නිමා කළා……. ඒ අභියෝගෙන් නොබියම ජයගෙන මෙතෙක් කලක් මම ඇවිද ගියා…….. සරසවියයි මගේ මිලග අරමුණ එයද ජය ගමි වෙහෙස දරා….
11 Aug
සොදුරු වදනක්…..
විසේකාර යෞවනයට සෙනෙහසින්…….. දගකාර නුවන්යුග යාකර සිප් හලක නිවන් යන්නට නොවෙයි, විදින්නට ඡිවිතය…….. සිත් මල් යායක සුවද මුසුවෙන්…….. රොද බැදන් හමුවෙලා, අකුරු කරමු අපි ඡිවිතය තහනම් නොවු අඩවියක ආදරය………. නැණ පහන් විෂයක අසිරිය සමග……. ඡිවිතයට…….. ආදරෙන්…….

අමුත්තො කියපු දේවල්