21 Sep
ආච්චිගේ ඩයරිය………..
ක්‍රි.ව 2011වු ඇසළ මස 22 වන ගුරුදා
නා නා පාට රෙදි ඇග වට දවටාලා
ඒ කාලේ අපි හිටියේ කොහොම බොලේ
මොකද වෙලා ඇති මේ විබ්බනෙ කියලා
30 Jun
වචන පාවිච්චිය……..
සාමාන්‍ය දැනීම පිළිබද පන්තියේ සිටින ළමුන්ගේ දක්ෂතාවය දැන ගැනීම සදහා ගුරුතුමා ප්‍රශ්න අසන්නට විය. පළමු ප්‍රශ්නය යොමු වුයේ පන්තියේ සිටි අදක්ෂම සිසුවෙකු වු ඩේවිඩ් වෙතය.
ගුරුතුමා – හොදයි ඩේවිඩ් කියන්න බලන්න ගුරුතුමා යම්කිසි පාඩමක් කියා දෙන විට ළමයි වැඩිපුරම පාවිච්චි කරන වචන තුන මොකද්ද කියලා…..?
ඩේවිඩ් – මං දන්නේ නෑ……..?
ගුරුතුමා – හරියට හරි.
24 Jun
පෙම් පතක් නොවේ……………..
චිරන් ජයතු !
පරම පිවිතුරු ආදරය වෙත
මං දත්තවා. ඔයා මගෙත් එක්ක අමනාපෙන් ඉන්නෙ කියලා. ඒත් මේ සිද්දවෙන දේවල්වලට හරිනම් මමයි ඔයත් එක්ක තරහ වෙන්න ඕනේ. ඒ මොනව වුනත් මේ දේවල් කියන්න ඔයා හැර වෙන කවුරුත් මට නෑ. පොඩි එකී විදින දුක බලා ඉන්න බැරිම තැනයි මං මේ ඔයාට ලියන්න හිතුවෙ. මෙච්චර ෆෝන් තියෙන කාලේ ලියුම් ලියන්න මොන මෝඩයද කියලා උඔ හිතනවා ඇති. ඒත් ඉත්න් ඔයා ෆෝන් එකට ආන්සර් කරන්නෙ ලව් කරන්න විතරනෙ. අනෙක ෆෝන් එකේ සිංදුව අහලා හරි ප්‍රතිචාරයක් නොමැත කියලා අහලා හරි කන රිදවා ගන්නවාට වඩා ලියුම හොදා.
ඔයා දන්නවද මේ දවස් වල මනමාලයෝ බලන්න ආවම පොඩි එකී එළියට යන්නෙ මරණෙට නියම වෙච්ච එළදෙනක් ගානට. හිතේ ගැස්මට අතේ ඇගිලි වෙව්ලන හැටි මං තරම් දන්නෙ නෑ වෙන කවුරුත්. පව් අහින්සක එකී. ලොකු එකී අකීකරු කමට උඹත් එක්ක පැනල ගිය එකෙන් නිදහස නැති වුනේ පොඩි එකීගෙ.
මේ ඊයේ පෙරේදත් මනමාලයෙක් ආවා. ඌ හොයන්නෙ උගේ අයියගෙ ගෑනිට දෙවෙනි නොවන එකියක්. ඊට කලිනුත් ඔය වගේම යෝජනාවක් අවා. ඌට ඕන වුනේ ඌ කලින් යාළුවෙලා හිටිය කෙල්ලගෙ කොන්ඩෙට වඩා අගලක් හරි දිග කොන්ඩෙ දිග එකියක්. ඔය වගේම තවත් දවසක් දොරවල් යාන වාහන හොද රස්සාවක් තියෙන තියෙන කොල්ලෙක් රජයේ ෆැන්ෂන් රස්සාවක් තියෙන කෙල්ලෙක් හොයනවා. හොයල බැලින්නම් හේතුව උගේ යාළුවො බැදලා ඉන්න ගෑණුන්ට ගැලපෙන්නයි ඌ ගෑණු සොයන්නෙ. දවසක් ඹ්කේ අනෙක් පැත්ත කොල්ලා ඉගෙන ගෙනත් නෑ. රස්සාවකුත් නෑ යමක්කමක් තියෙන තැනකින් කෙල්ලක් හොයනවා. මොකද බැලුවාම කාරනය උන්ගෙ බජාජ් එකේ ඉන්නවාලු තමන්ට මුකුත් නැති වූණාට හොද තැනකින් කසාද බැදගෙන ගොඩ ගිය වුන්. මේ කතා ඇහෙන කොට අපේ පොඩි එකීට මාව පොළවෙ ගහන්න හිතෙන් නැති එකයි පුදුමෙ.
දන්නවද දවසක් වෙච්ච වැඩක්. තේ ටිකත් බීලා මනමාලි බලලා යන්න යාළුවෙක් එක්ක ඇවිත් යන්න එනවා කියපු කොල්ලා මෙන්න වෑන් එකක් පිරෙන්න ගමක නෑදෑයෝ පුරව ගෙන විස්සක් තිහක් විතර ඇවිත් බැස්සෙ නැතෑ. ගෙදර වුන්ගෙ දෙවොල රත්වුණා. ඒක එහෙමයි කියමුකෝ. ඔය වගේම උදේ දහයට විතර තේ ටිකක් බීල යන්න එනවයි කියපු අය එනකොට දවල් දොලහත් පහුවෙලා. දවල් කෑම වෙලාව. රාහු කාලය පනිනකම් ඉදලා. මොනව කරන්නද ඉතින් පොඩි එකීගෙ අප්පච්චි වත්ත පහලට ගිහින් කිරි අල ටිකක් ගලවගෙන ඇවිත් දුන්නා. ඒක කිරට හදලා අගුන කොල සම්බෝලයි. කට්ට කරවල බැදුමයි එක්ක බත් කන්න දුන්නා. අලයි පරිප්පුයි කුකුල් මසුයි පපඩනුයි කාලා එපා වෙල හිටිය කට්ටියට කෑමවේල දිව්‍ය භෝජන වගේ. හදහන ගැලපුනේ නැති නිසා ඒ මගුල තීන්දු වුනේ නෑ. ඹන්න දවසක් ඇති යන්තම් කියලා යොජනාවට දෙපැත්තෙන්ම කැමැත්ත ලැබුණ කියමුකෝ. ඒත් පොඩි පහරකට තිබුනේ මනමාලයගෙ පැත්තෙ උදවියට තිබුන හදිස්සිය ගැනයි. හොයල බැලින්නම් කොල්ලගෙ නංගි මේ ලගදි කොල්ලෙක් එක්ක පැනල ගිහින්. ඹත්පල වෙලා ඉන්න අම්මට සලකන්න කෙනෙක් නැතිලු. හදිස්සියෙ පුතාට මනමාලියක් හොයල තියෙන්නෙ මේ කාලයෙ ගෙවල් වල වැඩට කෙල්ලො හොයන්න ලේසි නැති නිසා. මවුපියන්ට සලකන්න ඕන ඒ අපේ යුතුකම නමුත් රැවටීම හොද දෙයක් නොවෙයි කියලා අප්පච්චි අකමැති වුණා. තවත් දවසක් ඔය වගේ හදිස්සි කාරගයක් ආවා. නැන්දම්මට තමයි වැඩිපුරම හදිස්සිය. මෙකද බැලින්නම් කොල්ල හොදටම අරක්කු සිකරට් විතරක් නෙවෙයි ගංජාවලටත් පුරුදුවෙලා. රස්තියාදුවේ ගිහින් ගෙදරට හරි පැමිණිලි කොල්ලව හදල ගන්න කියලා කසාදයක් බන්දලා දෙන්න හදන්නෙ. අම්ම අප්පට හදන්න බැරි වෙච්ච වුව හදලා ගන්න
දවසක් ආවා හරි හැන්ඩි කොල්ලෙක්. කතා කරන කොට බාගෙට බාගයක් ඉංග්‍රිසි කෑලි. අපේ එකීට අකමැතියි කියලා කපු මහත්තයා අතේ කියල එවල තිබුනා. හේතුව කෙල්ල කලිසමක්වත් අදින්නැති ගොඩේ එකියක්ය කියලා. අපේ එකී ඉතින් ලැජ්ජ බයට හැදිච්ච එකීනෙ. ඒත් එදා වුන දෙයින් පස්සෙ මගේ හැදිච්චකමින් අම්මට වෙන සෙතක් නෑ කියලා. අපේ එකී කලිසමක් කාරිය ඇදලා කොණ්ඩෙ ස්ට්‍රිටි කරලා නහයට කරාබුවක් කාරිය දාලා එක විදියක් වුනා කියමුකො. අම්මගෙයි අප්පච්චිගෙයි මුණ කොස්බෑවගේ. ඒකත් හරි කියමුකො. ඔන්න ඔය සිද්දියෙන් පස්සෙත් මනමාලයෙක් ආවා. හරි වැදගත් පාට කොල්ලා. පොඩි එකීගෙ විච්චුරන දැකලා අකමැති වුණා. එදානම් පොඩි එකී කාමරේ මේසෙ උඩ මාව අත ඇරපු අත ඇරිල්ලට මට දෙලොව රත්වුණා.
මේ සිද්දවෙන දේවල්වලට මේ සමාජයත් වග කියන්න ඕන. බැදපු නැති එකියකට පරේ බැහැල යන්න නෑ. බදින්නෙ නැද්ද දැන් වයසත් යනව නේද ඔහොම ඉදල හරි යනවද වගේ දහසක් ප්‍රශ්න. ගෙදර අම්ම අප්පට නැති බරක්නෙ මේ සමාජයෙ උන්ට තියෙන්නෙ හැබෑටම.
අපේ උන්ගෙ පැත්තෙ වැරදි නැතුවාම නෙමෙයි. මොකද ඉතින් කියන්නෙ නම් අරක්කු සිගරට් කටේ තියන්න නැ කියලා. නමුත් කසිප්පු විකුනල හරි කමක් නෑ සල්ලි තියෙන්න ඕනේ හොරකම් කරල හරි කමක් නෑ අල්ලපු ගෙදර වුන්ට පේන්න වාහනයකින් ඇවිත් පෙනුමට ඉන්න නෑදෑයෝ ටිකක් එක්ක බහිනවනම්. කසාද බැදල ප්‍රශ්න එන කොට ඔය අල්ලපු ගෙවල් වල මිනිස්සුවත් ඔය නෑදෑයොවත් නෑ කියලා මේ මොල ගෙඩි වලට නොතේරෙනහැටි. අනෙක සීයට සීයක් ගැලපෙන අය කොහෙවත් නෑ කියලා වගේම ජිවිතය කියන්නෙ කැප කිරිමක් කියලත් මිනිස්සු තේරුම් ගන්න ඕන. නමුත් ගොඩක් ප්‍රශ්න වලට මුල සල්ලි නැති වෙච්ච හැටියෙ උඹ පෑල දොරෙන් පැනල යන එකනේ. එක අතකට ඒක එහෙමයි කියන්නත් බෑ. දැන් ඔය ලොකු එකී අකීකරු කමට ගියා තමයි. නමුත් තට්ටු දෙකට ගේ හදලා දෙන්නට යන්න වෙන වෙනම වාහන අතට පයට වැඩ කාරියෝ පිටින් බලන කෙනෙකුට හරි සැපට පේන්න පුළුවන්. ඒත් බෑනාගේ ක්‍රියාකලාපය ඒහැටි හොද නැතිලු.ලොකු එකී සතුටින් නෙමෙයි කියලා අම්මා දුක් වෙනව මම අහගෙන අපට අකීකරු වෙලා හරි කමක් නෑ. අඩු තරමේ එකිවත් සතුටින් නම්. දැන් ඒකත් නෑනේ කියලා. ඒ වෙලාවට නම් හිතෙනව උඔටත් එක හිතක් නැද්ද කියලා. නවකතා ටෙලි නාට්‍යවල නම් කියන්නෙ උඔ තරම් වෙන එකෙක් මේ ලොකෙ නෑ කියලා ඕවා බලල තමයි අපේ ලොකු එකී වගේ උන් නරක් වෙන්නෙ.
අනේ හැබෑටම මේව දකින්න මමත් පව් කලානෙ. සංස්කෘතිය සිරිත් විරිත් කියල මේ ජරා බිස්නස්වලට ඇයි දෙයියනේ අසරන මාවම ගාව ගත්තෙ. සාලෙ මුල්ලකට වෙලා පාඩුවෙ ඉන්න නොදි කවි සිංදු අස්සෙ නැලවෙන උඔට මේව තේරෙන්නෙ නෑ තමයි. ඇස් කන් ඇරල ටිකක් ලෝකය දිහා බලන්න කියන්නයි මේ ටික හරි ලිව්වෙ. මාව නම් වයසක උන්දලා හින්දවත් රැකේවි.නමුත් මෙහෙම ගියොත් උඔ මේ ලොකේ නැත්තටම නැතිවෙලා යාවි. උඔට එහෙම වෙන්න දෙන්න බෑ. මේ ලෝකෙ හැමදාමත් උඔ ඉන්න ඕනෙ. නැත්නම් සල්ලිවලට යටවෙලා මිනිස්සු මැරිලා යාවී එ විනාශයෙන් මිනිස්සු බේර ගන්න පුළුවන් උඔට විතරයි.
මීට ,
හුණු දුන්කොළ නැති
බුලත් හෙප්පුව.

13 Jun
මලක් ළගදි මලක් වෙන්න, ගලක් ළගදි ගලක් වෙන්න………
සත්ත්ව ලොකයේ ජීවත් වෙන අනේ විද සතුන් අතරින් මිනිසා අනෙක් සතුන්ට වඩා සතුටින් සහ උද්යෝගයෙන් ජීවත් වෙන්නේ ඇයි දන්නවද. ඒ සෑම මිනිසෙකුටම ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා. තමා වැදගත්ය යන අදහස මිනිසෙකුගෙ සිතට ආවාම ඒ මිනිසා තමන්ගේ ජීවිතේට අප්‍රමාණව ආදරය කරන්න ගන්නවා. ඒ නිසා තමයි වටිනා කියන මිනිස්සු හුගක් පරිස්සම් වෙන්නේ. අධ්යාහපනයක්, මුල්‍යමය වටිනා කමක් හෝ වෙනයම් හැකියාවක් නැති ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ උලත් එකයි පිලත් එකයි වගේ. උන්ට අද මැරුණත් එකයි. එහෙම නොවන මිනිස්සු ලොකු වටිනා කමක් ඇතිව ජීවත් වෙනවා. තව සමහරු තමන්ගේ වටිනාකම් කියන දේ බලහත්කාරයෙන් ලබා ගන්න යනවා.
ඔබ ලග වටිනා කියන දෙයක් නැත්නම් ඔබ ලග මුදල් නැත්නම් හෝ අවශේෂ වටිනා කමක් නැත්නම් ඔබ මේ සමාජයට වටින්නෙ නෑ. ඉතිං සමාජය ඔබව ගණන් ගන්නේ නෑ. මෙහෙම පිළිගැනීමක් නැති සෑම මිනිසෙකුගේම ජීවතය තුළ රික්තයක් හට ගන්නවා. ඒ හිඩැස පුරවා ගන්න මිනිසා මොනව හරි කරන්න ඕන. හිඩැසක් පුරවන්න මොනවම හරි කරන මිනිසෙක් හිතන්න. තේරුමක් නැතිව අඩන ,තේරුමක් නැතිව හිනා වෙන, තේරුමක් නැතිව දුවන පනින, ගුටි ගහගන්න ,රණ්ඩු කරන, වනචාරකමේ යන මිනිහෙක් ගැන හිතන්න. එහෙම මිනිස්සුන්ට අපි පිස්සු කියල කියනවා . මිනිහෙක් උනාම කොයි දේ කළත් තේරුමක් අර්ථයක් අරමුණක් තිබිය යුතුයි. ඉතින් තේරුමක් නැතිව හිඩැස් පුරවන්න යන මිනිස්සු නිසා අපහසුතාවයට පත් වෙන්නේ ඒ යටතේ ඉන්න පුද්ගල චරිතමයි. සමාජයෙන් නොලැබෙන ගෞරවය නිවස තුලින් තම බිරිද මගින් දරුවන් මගින් ලබන්නට වෙහෙසෙන පුද්ගලයකු මීට හොද උදාහරණයක්. ඔවුන් තත්ත්වය උදෙසා තමන් යටතේ වෙසෙන පුද්ගලයන්ව කොන්දේසි විරහිතව දරුණු පාලනයකට යටත් කර ගන්නවා. ආශා කරන්න් තමන්ට හීනෙකින්වත් ළගා කරන්න බැරි දේවල් වලට. එහෙම මිනිස්සු ඉතාම ඉක්මනින් අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. නිතරම නෙයිවසිල්ලෙන් කාලය ගෙවනවා.
කෙනෙහෙලිකම් කරන්නෙම තමන්ට ආදරේ කරන තමා වටේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් එහෙම කෙනෙකුට ජීවත්වන සමාජ වටපිටාවේ පැහැදිලි චරිතයක් ගොඩනැගෙන්නේ නෑ වගේම තමන් අරමුණු කරගෙන ඉන්න සමාජයේ පිළිගැනිමක් ලැබෙන්නෙත් නෑ. සමහර මිනිස්සු ආදරේ කරන්නෙ තමන්ට ආදරේ කරන මිනිස්සුන්ට . බොහෝ ඉවසිලි වන්තයි. ඉක්මනින් තරහ යන්නෙ නැ. හැම දෙයක් ගැනම හොද වගේ නරක පැත්තක් දකිනවා. මිනිසිසුන්ට නිස්කාරනේ විවේචනය කරන්න යන්නෙ නෑ. අතිශය නරක පුද්ගලයන් තුළත් පවතින අංශු මාත්‍රිය හොද පවා තේරුම් ගන්නවා. අතිශය හොද පුද්ගලයන් ළග පවතින අංශු මාත්‍රිය නරක පවා තේරුම් ගන්නවා. ඒ චරිත නිසල දිය වගේ පැහැදිලියි. මලක් ළග මලක් වෙන්නත් ගලක් ළග ගලක් වෙන්නත් දන්නවා. අරමුණු කරා ළගා වීමට ඇති අවහිරතා නිසා ඔවුන් ජීවිත කාලයම පීඩා විදිනවා. අනෙකාට චලකපනවා. කකුලෙන් අදිනවා. ඒ නිසයි අපේ සමාජය මේතරම් කැත. ගද, මානුෂික සුවදක් නැති පෙරේත පුළුටු ගද හමන පරිසරයක ජීවත් වෙන ගමන් මලක් ළගදි මලක් සේම ගලක් ළගදි ගලක් වෙන්න ටිකක් අමාරුයි. ඒත් එහෙම වෙන්න පුළුවන් නම් ඔබ දිනුම්.
8 Jun
ජීවිතයට පුංචි අත්දැකීමක්………….
දවසක් අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ රැස්වීමක් තිබ්බා. එදා අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර අපේ සුදත් සර් කිව්වා ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමයිට ඇඹිලිපිටියේ යන්න ආරාධනාවක් ලැබිලා කියලා. ශිෂ්‍ය නායක පුහුණුවක් සදහා කියල කිවිවා. අපි එවෙලෙ ටිකක් බය වුණා. මොකද අපි වගේම වෙනත් පාසල් වලින් ළමයි එනව කියල සර් අපිට කීව්වා.අපිට කන්න කෑම ඉන්න කාමර සෑම පහසුකමක්ම දෙනව කියල කිවිවා.අපි වෑන්එකක් කතා කර ගෙන ජුනි පලවෙන්ද උදේ අටට විතර අපි අපේ පාසලෙන් පිටත් වුණා.අපිට නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට එන්න කියල තිබුනෙ එදා හවස පහ වෙනකොට අපි ගොඩක් වේලාසනින් ගියේ අපේ පාසලේ සිට ඇඹිලිපිටියට යන අතර තුරදී බලන්න ගොඩක් දේවල් තිබුණ නිසා.අපිව එක්ක ගෙන ගිය මහේෂ් සර් සහ මංජලි මිස් හරිම හොදයි. මත්ස්‍යය අභිජනන මධ්‍යස්තානය, සූරිය වැව, සංඛපාල විහාරස්ථානය, මඩුවන් වෙල වලව්ව බලන්න ගියා.පාසල් ළමුන් වශයන් අපට ගොඩක් වැදගත් වුණා.
ඊට පස්සෙ අපි නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්තානයට ගියා. අපි තමයි එතනට ඉස්සෙල්ලම ගියේ.ගිහින් ටික වෙලාවකින් අපිට ඉන්න කාමර ලැබුණා.අපි හිතුවටත් වඩා එතන පහසුකම් තිබුණා. එදා රෑ මේ දවස් දෙකේ වැඩ පිලිබද එම මධ්‍යස්තානයේ සර් කෙනෙක් කෙටියෙන් පැහැදිලි කලා. අපිට දවසේ වැඩ කටයුතු සහිත කාලසටහනක් සහ අවශ්‍ය කරුණු සටහන් කර ගැනීමට කොල සහ අවශ්‍ය ද්‍රවය අපට ලබා දුන්නා.අපට මුලින්ම කියල දුන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයයි.මොකද අපිට ඕන ඕන වෙලාවට තේ බොන්න කන්න දේශන වලට යන්න අපිට බැරි වුණා. අපි නායකයන් විදියට පුහුණුව ලබන අවස්ථාවෙ ඔවුන් අපට දේශන පැවැත්වුවා. අපිට කම්මැලිකම නොදැනෙන ආකාරයට ඒ පුහුණු වලට සවන්දෙන්න පුලුවන් ආකාරයට ඔවුන් විහිඑවෙන් අපට ඒ දැනුම ලබා දුන්නා . ඇත්තටම ඒ ලබපු දැනුම නායකයන් වශයෙන් අපට ඉතාමත් වැදගත්. ඒ වගේම අපිට මේ සමාජයේ ජීවත්වෙද්දිත් ඒ උපදෙස් ඒ දැනුම ගොඩක්ම වටිනව. ඇත්තටම කෑමත් හරිම පිරිසිදුවට රසට අපි නොසිතු ආකාරයට තිබුණා. උදේ පාන්දර නැගිටල කඩියො වගේ ලේස්ති වෙලා ව්‍යායාම කරන්න අපි පිට්ටනියට ගියා. ඊට පස්සේ දේශනයක් පවත්තල අපි හැමෝම කණ්ඩායම් වලට බෙදුව. මගේ කණ්ඩායමට අපේ පාසලෙන් මමයි මල්ලි කෙනෙකුයි විතරයි හිටියේ. මම ටිකක් බය වුණා. ඒ ළමයි මාව කොන් කරයි කියලා. ඒත් ඒ බය කණ්ඩායමට ගියාට පස්සෙ නැති වුණා. මොකද ඒ ළමයි හැමෝම මාත් එක්ක කතා කලා ගොඩාක් කාලෙක ඉදන් අදුනන යාළුවෝ වගේ අපි කටයුතු කලා. කවදාවත් නොවින්ද අත්දැකීමක් අපි වින්ද අපි දවස් දෙක අවසන් වෙනකොට හරීම දුකයි තව දවසක් ඉන්න තිබුනනම් කියල හිතුනා.එතනින් එද්දි අනේ අපට තවත් දවසක මෙතනට එන්න අවස්ථාවක් ලැබේවා කියල මට හිතුණා. ඇත්තටම අපි ලබපු ඒ අද්දැකීම අපේ ජිවිතේට ගොඩක් වටිනව කියල ඇත්තටම හිතට දැනෙනවා.
30 Mar
ව්‍යාඝ්‍රයාගේ වසරේදී ව්‍යාඝ්‍රයා ලොවෙන් සමුගනීද
චින දිනදර්ශනයට අතුව 2010 වසර හැදින්වෙන්නේ ව්‍යාඝ්‍රයාගේ වසර (Year of the Tiger)කියලයි. ඒ අනුව 2010 වසර් සංකේතය වන්නේ ව්‍යාඝ්‍රයායි. ඒත් අවාසනාවට සත්ත්ව සුරකීමේ සංවිධාන අනතුරු අගවමින් කියන්නේ ව්‍යාඝ්‍රයන් ලොවෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා කියලයි. ව්‍යාඝ්‍රයන්ගේ සම්වලටත් සහ අස්ථි වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා වනාන්තරයේ සතුන් ගොදුරු කරගෙන ජිවත් වන මේ රෞද්‍ර මෘගයා අද නීතී විරෝදී මනුෂ්‍ය දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙලා. ව්‍යාඝ්‍රයන්ගේ අස්ථි හා දත් ප්‍රබල ඹසුවක් ලෙස භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නොවේ, ව්‍යාඝ්‍රයාන්ගේ සිරුරු කොටස් ලබා ගැනීමත් සිදුවෙනවා.
”2010 ව්‍යාඝ්‍රයාගේ වසර හැටියට නම් කිරිමත් සමග ව්‍යාඝ්‍රයන් සුරැකීමට වැඩි අවදානයක් යොමු කරන්න අපට සිදුවෙනවා. ” යැයි ලෝක වන සත්ත්ව අරමුදලේ ව්‍යාඝ්‍රයන් සුරැකීමේ වැඩසටහනේ (WWF Tiger Initiative) ප්‍රධානි මයිකල් බල්ටිසාර් පවසනවා . විදෙස් මාධ්‍ය වෙත ඹහු මේ බව පැවසුවේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවත්වු ව්‍යාඝ්‍රයන් සුරැකීමේ වීශේෂ සමුළුවක් අමතමිනි.
”ව්‍යාඝ්‍රයන්ගේ සිරුරේ කොටස් ඖෂධ ලෙස භාවිත කලේ චීන සම්ප්‍රදයික වෙදකමේදීයි. නමුත් අද ඔවුන් ඒවා භාවීතා කරන්නේ නැහැ. ඒත් අවාසනාවට ව්‍යාඝ්‍රයන්ට ඇති තර්ජනයේ කිසිම අඩුවක් වෙලා නැහැ අනවසරයෙන් දැන් ව්‍යාඝ්‍රයන් දඩයම් කරන්නේ සිහිවටන හා තෑගි හැට්යට උන්ගේ හිස් ,සම්, දත් හා අස්ථි විකිනීම සදහායි. 2010 වසර ව්‍යාඝ්‍රයාගේ වසර නිසා සිහිවටන හා තෑගී වැඩි වැඩියෙන් ලබා ගැනීමේ අරමුණින් ව්‍යාඝ්‍රයන් දඩයමයට ලක්වේ. ඒ නිසා වනාන්තර වල ජීවත් වන මේ මහ බළල් පවුලේ යෝධයා බේරා ගන්න අපි පියවර ගන්න ඕනෑ” බල්ටිසාර් අවධාරණය කරයි.
ව්‍යාඝ්‍රයන් සුරැකීමේ පදනමේ වාර්තා පෙන්වා දෙන්නේ අද වන විට වනාන්තර වල නිදැල්ලේ ජීවත්වෙන ව්‍යාඝ්‍රයන් සිටින්නේ 3,200 ක් පමණයි කියලයි. මීට ශතවර්ෂයකට ඉහතදී උන්ගේ ගහණය 10,000 ක් දක්වා වැඩිවී තිබුණා. ව්‍යාඝ්‍රයන්ගේ නිජබිම ලෙස සලකන්නේ දකුණු හා අග්නිදිග ආසියාවයි. දැන් ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමත් විකිණිමත් නීතියෙන් තහනම් කරලයි තියෙන්නේ. චීනය ඇතුළු රටවල් 167 ක් එකගවෙලයි ඒ නීතිය සම්පාදනය කළේ. ඒත් තවමත් නීති විරෝධි ලෙස මේ දඩයම් කිරීම හා වෙලදාමි සිදුවෙනවා. චීනය මෙම නීතිය ක්‍රියාවට නැංවුයේ 1993 වසරේදීය. ඒ වන විට චීනය පුරා මරාදැමු ව්‍යාඝ්‍රයන් 6,000 ක ගේ සිරුරු ගොවිපළ 14 කින් සොයා ගැනුණා. මේ බව හෙළි කලේ චීනයේ බීජිං නුවර වන සත්ත්ව සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂ ලී ෂෑංග්ය. මේ ව්‍යාඝ්‍ර ගොවිපලවල කුකුළන් ඌරන් වගේ ව්‍යාඝ්‍රයන් බෝ කිරීම සිදු කෙරුණා. වසරකට ව්‍යාඝ්‍ර පැටවු 1,000 ක් බිහි කරන්න ඒවා සමත් වුණා.
11 Mar
කහ කිරිල්ලියකගේ කදුඑ කතාව………..
ජිවිතේ පිවිතුරුම සුන්දරම බලාපොරොත්තුවක් පාට පාට හීනයක් වගේ, හදවතට තුරුඑ කර ගත්ත ආදරය නැමති උපාංග වලින් කහ කිරිල්ලියක් ජීවිතය නැමැති මාළිගාව තනන්න එදා ඉදල පටන් ගත්තා.
ගඩොලින් ගඩොල එකතුවෙලා ලස්සන ගෙයක් හැදෙනව වගේ මේ කහ කිරිල්ලි කහ කුරුල්ලගේ පෙම් වදන් වලින් ජීවිතයම එකලු කරගත්ත. නමුත් කහ කිරිල්ලිටවත් නොදැනීම කහ කිරිල්ලිගෙ සිහින මාළිගාවට විශාල ගංවතුරක් ආවා. ඒ ගංවතුර ආයේ බැහැල ගියේ කහ කිරිල්ලිට කහ කුරුල්ලව අහිමි කරල.
මැණිකක් මෙන් කහ කිරිල්ලිගෙ හදවතේ කිරුඑ පැලදි කහ කුරුල්ලා ජිවිතේ අසුන්දරම හැන්දෑවක කහ කිරිල්ලිගෙ පැතුමන් විසුවරලා දැම්ම. අතීතයේ පැය ගණන් පෙම් වදන් මිමිණු කහ කුරුල්ල එදා වචන තුන හතරකින් කහ කිරිල්ලිගෙ ජීවිතේ නැවැත්තුව.
කහ කිරිල්ලිගෙ සුරතේ දෑත තියා දහසක් පොරොන්දු දුන් කහ කුරුල්ල තත්පරයකදි ඒ සියල්ල කදුලක් බවට පත් කළා. සදාතනිකව කිරිල්ලිගෙ තනියට රුදෙන්නම් කියු කුරුල්ලා ඒ නිසල සැදෑවෙ කහ කිරිල්ලිව තනි කර ඈතින් ඈතට පියඹලා යන හැටි කහ කිරිල්ලි කදුඑ බොදවුනු දෙනෙතින් බලා සිටිය.
එනමුදු ජිවිතයේ දහස්වර මේ ආදර කුරුල්ලම පැතු මේ කිරිල්ලි අහින්සක එයාව තනි කරල යන හැටි බලා ගෙන හිටියා. නෙතින් වැටෙන කදුඑ පිසදමමින් කිරිල්ලි මෙසේ කියනව,
”ඔබ ඔබෙ ලොවේ කිරුඑ පලදිනදා මම මගේ ලොවේ කදුඑ මල් දම් පලදින්නම්. මට හිමිවුන ඔබෙ සෙනෙහස අන් හදකට උරුම වුවත් දුක්වෙන්නෑ කවදාවත් ඔබ සතුටින්නම්”.
මෙහෙම කියල කිරිල්ලි නෙතින් වැටෙන කදුඑ පිසදමමින් ඈතින් ඈතට……..පියඹලා ගියා.
8 Mar
Candle…….
8 Mar

5 Jul
කමක් නෑ නේද…………
Posted by inokasandamali in අන්තර්ජාලය ඇසුරින්, මං කරන විවේචන, මගේ අදහස්, මගේ කවි, Uncategorized. Tagged: Advices, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය., බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Internet, Mother ஸ்ரீ ලංකා, My own comments, News | Tagged 2600 සම්බුද්ධත්ව ජයන්තිය, osted in About, Video Conference | 8 Commen. Leave a Comment
මිනිසුන් ජීවත් වෙනවා
මිනිසුන් මැරෙනවා
මිනිසුන් හිනාවෙනවා
මිනිසුන් අඩනවා
සමහරු අත්හරිනවා
සමහරු උත්සහ කරනවා
සමහරු හායි කියනවා
සමහරු බාසි කියනවා
අනිත් අය ඹයාව අමතක කරනවා
ඒත්…….මම කොහොමද ඔයාව අමතක කරන්නෙ
ම්…………………ආ………
අනිත් අය ඔයාව අමතක කරපු විදියට මමත් ඔයාව අමතක කරනවා
කමක් නෑ නේද?